Posts

සිරි කාලකණ්ණි ජාතකය තුල සිටින කාලි සහ හින්දු ආගමේ කාලි යනු එක් අයෙක්ද?

  සිරි කාලකණ්ණි ජාතකය සහ හින්දු දහම  සිරි කාලකණ්ණි ජාතකය තුල උප්පලවණ්ණා රහත් මෙහෙණියගේ එක් භවයක් වූ සිරි දෙව්දුව සහ කාලකණ්ණි නම් තවත් දෙවඟනක හමුවේ.කාලකණ්ණි දෙවඟන අධර්මය ඇති තැන්වල සිටින තැන්වල සිටින සිරි දෙවඟන ධර්මය ඇති තැන්වල සිටින සුපිරිසිදු දෙවඟනක වේ.සිරි දෙව්දුවගේ ලක්ෂණ ආසන්න ලෙස ලක්ෂ්මි දෙවඟනටත් කාලකණ්ණි දෙවඟනගේ ලක්ෂණ හින්දු ආඅමේ සදහන් අලක්ෂ්මි ජේෂ්ඨා මූදේවී හෙවත් මූසලි දෙවඟනට සමාන වේ.අලක්ෂ්මි අපිරිසුදු තැන්වල සිටී.අධර්මය සමග සම්බන්ධ වේ.නිල් වස්ත්‍ර දරයි.අසුභ සහ අවසනා වන්ත බවේ දෙවඟනයි.පෙනුමෙන් ධූමාවතීයට සමානයි.නමුත් එක සමාන ලක්ෂණ ඇති අය ඕනතරම් හමුවේ.අලක්ෂ්මි ලක්ෂ්මි මෙන්ම කිරිමුහුදෙන් මතුවූ බව කියවේ.කාලකණ්ණි දෙවඟන ධෘතරාෂ්ට්‍ර රජුගේ දියණියක වේ.ඇයද ජාතක අටුවාවේ අලක්ෂ්මි,කාලි,චණ්ඩි ලෙසින් හදුන්වා ඇත.නමුත් එකම නම ඇති ඔය ඕනතරම් ඇත.මහාසමය සූත්‍රය තුල චන්ද්‍රයා නියෝජනය කරන චන්ද්‍ර දෙවියන් සහ සෝම දෙවියන්ගේ නම සදහන් වේ.යම නම් දෙවියන් දෙදෙනෙකුගේ නම් සදහන් වේ.සතරවරම් දෙවියන් හට ඉන්ද්‍ර නම් දරුවන් රාශියක් සිටින බව සදහන් වේ.මෙමගින් එකම නම ඇති දෙවිවරු ඕනතරම් සිටින බව පැහැදිලි වේ.කාලි ය...

දෙවියන් වැදීම මිත්‍යාදෘෂ්ටියක්ද?

 දෙවියන් වැදිම බුදුරජාණන්වහන්සේගේ ප්‍රතික්ෂේප කලේද? දෙවියන් පිදීම මිත්‍යාවක්ද එසේ කිරිමෙන් මිත්‍යාදෘෂ්ඨික වෙනවද? බොහෝ අය දරන මතයක් තමා දෙවියන් පිදීම නිසා මිත්‍යාදෘෂ්ටික වෙනවා හා තිසරණය කිලිටි වෙනවා මෙය කොතෙක් බුදු වදනට එකගඳ එසේ කවුරු හෝ කියන විට ඔබ ඒ ආකාරයෙන්ම පිලිගන්නට එපා මොකඳ සමහර අය සුත්‍ර පිටකයේ තථාගතයාණන් විසින් එසේ දෙසුවේදැයි නොසොයාම පිලිගන්නවා  එයින් වෙන්නෙ ඔබ බුදු හාමුදුරුවෝ නොකියු දෙයක් පිලිගන්නවා හා සමාන වෙනවා එම නිසා නිතරම මොනම හාමුදුරුවෝ කිවත් අහවල් පුද්ගලයා කිවත් එය තථාගත දේශනා දැයි හොඳින් විමසන්න. දෙයක් කියු පමණින් පිලිගන්නට එපා අපි බලමු බුදුහාමුදුරුවෝ කොහොමඳ කියා තියෙන්නෙ. මහාපරිනිර්වාණ සූත්‍රය දික් සඟියමහා වර්ගය “යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජී යා තා කුලිත්‍ථියො කුලකුමාරියො, තා න ඔක‍්කස‍්ස පසය‍්හ වාසෙස‍්සන‍්ති, වුද‍්ධියෙව ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා, නො පරිහානි. (5) “කින‍්ති තෙ ආනන්‍ද, සුතං: වජ‍්ජී යානි තානි වජ‍්ජීනං වජ‍්ජිචෙතියානි අබ‍්භන‍්තරානි චෙව බාහිරානි ච, තානි සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තෙසඤ‍්ච දින‍්නපුබ‍්බං කතපුබ‍්බං ධම‍්මිකං බලිං නො පරිහ...

කිරිබත්ගොඩ ඤාණාණන්ද හිමිගේ බොරු වලට ඔබත් අසුවුනාද?

 පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණාණන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් ගුණයක් ඇත්නම් නමස්කාර වේවා!මේ උන්වහන්සේ හට අපහාසයක් හෝ උපහාසයක් නොවේ වැරදි පෙන්වා යහමහට ගැනීමක් පමණි.උන්වහන්සේ විසින් රචිත අහෝ එසේවූයේ මක් නිසාද නම් පොතක ඉන්දියාවේ බෞද්ධ ශාසනයට එරෙහිව අන්‍යාගමික බලපෑම් එරෙහිව පැමිණි ආකාරය දක්වා ඇති නමුත් කිසිසේත්ම අදාල නොවන වැරදි කරුණු දක්වා ඇත. 1.හේමාමාල සහ දන්ත කුමරු පරිබ්‍රාජක වෙස් වළාගෙන ආවේ ඉන්දියාවේ බෞද්ධයන් හට පාරටවත් බැසීමට තත්වයක් නොතිබීම යැයි කීම මෙයද වැරදිය.හේමාමාල කුමරියගේ පියා කලිගු රට ගුහසීව රජු සහ ක්ෂීරධාර රජුගේ බෑණනුවන් කෙනෙක් දළදා වහන්සේගේ අයිතිය උදෙසා සටන් කිරීමේදී ගුහසීව රජු මරණයට පත්වීම නිසා දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂා කරගැනීමට ඔවුන් පරිබ්‍රාජක වෙස් ගෙන ලංකාවට පැමිණියේ. 2.පර්සියන් මිත්‍ර දෙවියන් යනු හින්දු ශිව නමින්  පුදන අසුරයකු බව පැවසීම සහ ඔහු බෞද්ධ විරෝධි බව කීම සහ ඔහුට බෞද්ධ දහම නැසීමට බමුණන් පූජා පැවැත්වීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ශංකරාචාර්‍ය පහල වූ බව ප්‍රකාශ් කිරීම පර්සියන් මිත්‍ර දෙවියන් යනු සූර්‍ය දෙවියන් වේ.ශිව සූර්‍ය නමින් ශිව නාම 1008 හි හදුන්වා තිබුන නමුත් පු...