සිරි කාලකණ්ණි ජාතකය තුල සිටින කාලි සහ හින්දු ආගමේ කාලි යනු එක් අයෙක්ද?
සිරි කාලකණ්ණි ජාතකය සහ හින්දු දහම
සිරි කාලකණ්ණි ජාතකය තුල උප්පලවණ්ණා රහත් මෙහෙණියගේ එක් භවයක් වූ සිරි දෙව්දුව සහ කාලකණ්ණි නම් තවත් දෙවඟනක හමුවේ.කාලකණ්ණි දෙවඟන අධර්මය ඇති තැන්වල සිටින තැන්වල සිටින සිරි දෙවඟන ධර්මය ඇති තැන්වල සිටින සුපිරිසිදු දෙවඟනක වේ.සිරි දෙව්දුවගේ ලක්ෂණ ආසන්න ලෙස ලක්ෂ්මි දෙවඟනටත් කාලකණ්ණි දෙවඟනගේ ලක්ෂණ හින්දු ආඅමේ සදහන් අලක්ෂ්මි ජේෂ්ඨා මූදේවී හෙවත් මූසලි දෙවඟනට සමාන වේ.අලක්ෂ්මි අපිරිසුදු තැන්වල සිටී.අධර්මය සමග සම්බන්ධ වේ.නිල් වස්ත්‍ර දරයි.අසුභ සහ අවසනා වන්ත බවේ දෙවඟනයි.පෙනුමෙන් ධූමාවතීයට සමානයි.නමුත් එක සමාන ලක්ෂණ ඇති අය ඕනතරම් හමුවේ.අලක්ෂ්මි ලක්ෂ්මි මෙන්ම කිරිමුහුදෙන් මතුවූ බව කියවේ.කාලකණ්ණි දෙවඟන ධෘතරාෂ්ට්‍ර රජුගේ දියණියක වේ.ඇයද ජාතක අටුවාවේ අලක්ෂ්මි,කාලි,චණ්ඩි ලෙසින් හදුන්වා ඇත.නමුත් එකම නම ඇති ඔය ඕනතරම් ඇත.මහාසමය සූත්‍රය තුල චන්ද්‍රයා නියෝජනය කරන චන්ද්‍ර දෙවියන් සහ සෝම දෙවියන්ගේ නම සදහන් වේ.යම නම් දෙවියන් දෙදෙනෙකුගේ නම් සදහන් වේ.සතරවරම් දෙවියන් හට ඉන්ද්‍ර නම් දරුවන් රාශියක් සිටින බව සදහන් වේ.මෙමගින් එකම නම ඇති දෙවිවරු ඕනතරම් සිටින බව පැහැදිලි වේ.කාලි යනු දේවී භාගවතම් පුරාණය අනුව මහාමේරුව වාසය කරන පාර්වති දෙවඟන ශුම්භ නිසුම්භ අසුර සේනාවන් පරාජය කිරීමට ගත් ස්වරූපයක් වේ.ඇය සැඩපරුෂ වුවද ඇය යුක්තිගරුක සාධාරණ අයෙකි.දේවී භාගවතම් අනුව කාලි දිවිසමකින් සැරසී සිටී.නමුත් කාලකණ්ණි දෙවඟන නිල් හෝ අදුරු වස්ත්‍ර දරයි.ලක්ෂ්මි සහ කාලි එකට වන්දමාන කරන අවස්ථා හින්දු බැතිමතුන් අතර ඇත.හින්දු ආගම අනුව ලක්ෂ්මි අලක්ෂ්මි සමග එක්ව වාසය කිරීම අප්‍රිය කරයි.ලක්ෂ්මිගේ ස්වාමියා වූ විෂ්ණුගේ නැගණිය පාර්වතියගේ ස්වරූපයක් කාලි වේ.මෙමගින් හින්දු ආගමේ කාලි සහ සිරිකාලකණ්ණි ජාතකය තුල කාලි දෙවඟන දෙදෙනෙකු බව පෙනීයයි.
Comments
Post a Comment