දෙවියන් වැදීම මිත්‍යාදෘෂ්ටියක්ද?

 දෙවියන් වැදිම බුදුරජාණන්වහන්සේගේ ප්‍රතික්ෂේප කලේද?


දෙවියන් පිදීම මිත්‍යාවක්ද එසේ කිරිමෙන් මිත්‍යාදෘෂ්ඨික වෙනවද?


බොහෝ අය දරන මතයක් තමා දෙවියන් පිදීම නිසා මිත්‍යාදෘෂ්ටික වෙනවා හා තිසරණය කිලිටි වෙනවා මෙය කොතෙක් බුදු වදනට එකගඳ එසේ කවුරු හෝ කියන විට ඔබ ඒ ආකාරයෙන්ම පිලිගන්නට එපා මොකඳ සමහර අය සුත්‍ර පිටකයේ තථාගතයාණන් විසින් එසේ දෙසුවේදැයි නොසොයාම පිලිගන්නවා  එයින් වෙන්නෙ ඔබ බුදු හාමුදුරුවෝ නොකියු දෙයක් පිලිගන්නවා හා සමාන වෙනවා එම නිසා නිතරම මොනම හාමුදුරුවෝ කිවත් අහවල් පුද්ගලයා කිවත් එය තථාගත දේශනා දැයි හොඳින් විමසන්න. දෙයක් කියු පමණින් පිලිගන්නට එපා අපි බලමු බුදුහාමුදුරුවෝ කොහොමඳ කියා තියෙන්නෙ.


මහාපරිනිර්වාණ සූත්‍රය දික් සඟියමහා වර්ගය


“යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජී යා තා කුලිත්‍ථියො කුලකුමාරියො, තා න ඔක‍්කස‍්ස පසය‍්හ වාසෙස‍්සන‍්ති, වුද‍්ධියෙව ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා, නො පරිහානි. (5)

“කින‍්ති තෙ ආනන්‍ද, සුතං: වජ‍්ජී යානි තානි වජ‍්ජීනං වජ‍්ජිචෙතියානි අබ‍්භන‍්තරානි චෙව බාහිරානි ච, තානි සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තෙසඤ‍්ච දින‍්නපුබ‍්බං කතපුබ‍්බං ධම‍්මිකං බලිං නො පරිහාපෙන‍්තීති?”

“සුතම‍්මෙතං භන‍්තෙ, වජ‍්ජී යානි තානි වජ‍්ජීනං වජ‍්ජිචෙතියානි අබ‍්භන‍්තරානි චෙව බාහිරානි ච, තානි සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තෙසඤ‍්ච දින‍්නපුබ‍්බං කතපුබ‍්බං ධම‍්මිකං බලිං නො පරිහාපෙන‍්තී”ති.


අනඳයෙනි, නුවර ඇතුළත ද පිටත ද වැදැ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑහු එයට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, එයට දුන් විරූ, කළ විරූ දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”

“වහන්ස, නුවර ඇතුළත ද බැහැර ද වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු එයට සත්කාර ගුරුකාර බුහුමාන පූජා කෙරෙත්, එයට දුන් විරූ කළ විරූ, දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය මා විසින් අසන ලදි.”

“අනඳයෙනි, නුවර ඇතුළතත් බැහැරත් වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, එයට වැදෑ රජුහු යම් තාක් සත්කාර බහුමාන පූජා කරන්නාහු නම්, එයට දුන් විරූ දැහැමි බලි නො පිරිහෙලන්නාහු නම්, ඒ තාක් ම වැදෑවනට වැඩිම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ඇවෙක්සිය යුතු” (6)


දෙවියන් පිදිම දෙවියන්ට ද්‍රව්‍ය පූජා කිරිම තථාගතයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කර නොමැති බව මේ ආනන්ඳ හිමියන් ඉදිරිපට වෑදැ රජුන්ට හිත පිණිස වන ඉති වජ‍්ජීනං සත‍්ත අපරිහානියා ධම‍්මා /රාජ්‍ය අපහානි නොවන ධර්මයන්ට ඇතුලත්ව දේශනා කර ඇත.


තවත් සුත්‍රයක් සලකා බලමු.


ලිච්ඡවිකුමාර සූත්‍රය අඞ්ගුත්තර සඟිය5. පඤ්චකනිපාතය2. දෙවැනි පණ්ණාසකය1. නීවරණ වර්ගය


පුන චපරං මහානාම, කුලපුත‍්තො උට‍්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක‍්ඛිත‍්තෙහි ධම‍්මිකෙහි ධම‍්මලද‍්ධෙහි යාවතා බලිපටිග‍්ගාහිකා දෙවතා සක‍්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති. තමෙනං බලිපටිග‍්ගාහිකා දෙවතා සක‍්කතා ගරුකතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම‍්පන‍්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. දෙවතානුකම‍්පිතස‍්ස මහානාම කුලපුත‍්තස‍්ස වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා, නො පරිහානි.


තේරුම


තවද මහානාමය, කුලපුත් උත්ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භොගයෙන් යම් පමණ පුද පිළිගන්නා දෙවියෝ ඇත් නම්, ඔවුනට (අග්‍ර යාගුභක්තාදීන්) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනා කෙරෙයි. පූජා කෙරෙයි සත්කාර ලත් ගුරුකාර ලත් මානනා ලත් පූජා ලත් පුද පිළිගන්නා දෙවියෝ “සැරදෙ, දිගා පල්නේ යැ”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, දෙවතාවන් විසින් අනුකම්පිත කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.


දෙවියන් පිදිම කොතනකවත් බුදුරදුන් ප්‍රතික්ෂේප කර නැති බව මෙහි සඳහන් සුත්‍ර පාඪ අනුව ඔබට හොඳින් පැහැදිලි වනවා ඇත. සියල්ල දන්නා තථාගතයාවහන්සේ යම් දෙයක් දැන නුවණින් ප්‍රකාශ කෙරේද එය උතුම්ය. මෙය මේ ආකාරව දත යුතුය.


අප දන්නා ආකාරය මෙය යමක් බුදුරදුන්  පවසන  ලද යැයි පැවසීමද භාග්‍යවතුන් වහන්සේ​ට කරන දෝෂාරෝපනයකි. මැනවින් සිහිනුවනින් විමසා බලත්වා. බුදුවරු කටට එන හිතළු නොපවසන බැවිනී.


👉දෙවියන්ගේ පිහිට සෙවීම.👈


-රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයෙන් -


බොහෝ බෞද්ධයෝ විෂ්ණු, කතරගම ආදි දෙවිවරුන්ට ද වැඳුම් පිදුම් කරති. ඔවුන්ගේ පිහිට සොයති. එයින් ඒ බෞද්ධයන්ගේ සරණ ගමනය කිලිටි වේ ය යි ද, බිඳේ යයි ද, ඇතැමුන් කියතත් එය එසේ ම ය යි නො පිළිගත හැකිය. ස්වශක්තියෙන් සිදු කර ගත නො හෙන දෙයක් එය සිදු කිරීම සමතකු ලවා කරවා ගැනීමේදී ඒ ඒ තැනැත්තාගේ තත්ත්වයේ සැටියට හා සිදු කරවා ගත යුතු කාරණයේ හැටියට ද ගරු බුහුමන් කරන්නට හා පුද පඬුරු ඔප්පු කරන්නට ද සිදුවේ. බොහෝ බෞද්ධයෝ ද දෙවියන්ගෙන් යමක් කරවා ගන්නට ලබා ගන්නට වුවමනා වූ විට එය කරවා ගනු සඳහා ලබා ගනු සඳහා දෙවියන්ට වැඳුම් පිදුම් කරති. එය රාජාදීන්ට වැඳුම් පිදුම් කිරීම වැනි ක්‍රියාවෙකි. දෙවියන්ට එසේ කිරීමෙන් සරණගමනය කිලිටි වෙතොත් බිඳෙතොත් රජුන්ට ඇමතියන්ට වැඳීමෙන් හා පඬුරු ඔප්පු කිරීමෙන් ද සරණ ගමනය කිලිටි විය යුතුය. බිඳිය යුතුය. නො බිඳෙන නො කිලිටි වන ලෝකෝත්තර සරණ ගමනය ඇත්තා වූ ආර්‍ය්‍යශ්‍රාවකයන් ද රජුන්ට වැඳීම, පුද පඬුරු දීම කරන බැවින් එයින් සරණ ගමනයට හානියක් නො විය හැකි ය. යම් කිසිවක් ඉටු කර ගැනීම පිණිස රාජාදීන්ට වැඳීමෙන් පුද පඬුරු දීමෙන් සරණගමනයට හානියක් නො වන කල්හි එබඳුම කරුණකට දෙවියන්ට වැඳීමෙන් පිදීමෙන් දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමෙන් ද සරණ ගමනයට හානියක් නො විය හැකිය. සරණ ගමනයට හානියක් වනුයේ අබෞද්ධයන් දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන්, රත්නත්‍ර‍යට වඩා දෙවියන් උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි.

Comments

Popular posts from this blog

සිරි කාලකණ්ණි ජාතකය තුල සිටින කාලි සහ හින්දු ආගමේ කාලි යනු එක් අයෙක්ද?

කිරිබත්ගොඩ ඤාණාණන්ද හිමිගේ බොරු වලට ඔබත් අසුවුනාද?