කිරිබත්ගොඩ ඤාණාණන්ද හිමිගේ බොරු වලට ඔබත් අසුවුනාද?

 පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණාණන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් ගුණයක් ඇත්නම් නමස්කාර වේවා!මේ උන්වහන්සේ හට අපහාසයක් හෝ උපහාසයක් නොවේ වැරදි පෙන්වා යහමහට ගැනීමක් පමණි.උන්වහන්සේ විසින් රචිත අහෝ එසේවූයේ මක් නිසාද නම් පොතක ඉන්දියාවේ බෞද්ධ ශාසනයට එරෙහිව අන්‍යාගමික බලපෑම් එරෙහිව පැමිණි ආකාරය දක්වා ඇති නමුත් කිසිසේත්ම අදාල නොවන වැරදි කරුණු දක්වා ඇත.


1.හේමාමාල සහ දන්ත කුමරු පරිබ්‍රාජක වෙස් වළාගෙන ආවේ ඉන්දියාවේ බෞද්ධයන් හට පාරටවත් බැසීමට තත්වයක් නොතිබීම යැයි කීම


මෙයද වැරදිය.හේමාමාල කුමරියගේ පියා කලිගු රට ගුහසීව රජු සහ ක්ෂීරධාර රජුගේ බෑණනුවන් කෙනෙක් දළදා වහන්සේගේ අයිතිය උදෙසා සටන් කිරීමේදී ගුහසීව රජු මරණයට පත්වීම නිසා දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂා කරගැනීමට ඔවුන් පරිබ්‍රාජක වෙස් ගෙන ලංකාවට පැමිණියේ.


2.පර්සියන් මිත්‍ර දෙවියන් යනු හින්දු ශිව නමින්  පුදන අසුරයකු බව පැවසීම සහ ඔහු බෞද්ධ විරෝධි බව කීම සහ ඔහුට බෞද්ධ දහම නැසීමට බමුණන් පූජා පැවැත්වීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ශංකරාචාර්‍ය පහල වූ බව ප්‍රකාශ් කිරීම


පර්සියන් මිත්‍ර දෙවියන් යනු සූර්‍ය දෙවියන් වේ.ශිව සූර්‍ය නමින් ශිව නාම 1008 හි හදුන්වා තිබුන නමුත් පුරාණ අනුව දෙදෙනෙකු වේ.වේද ග්‍රන්ථ වල රුද්‍ර සහ සූර්‍ය දෙවියන් දෙදෙනෙකු බව හදුන්වා තිබෙන අතර රුද්‍ර ශුභ නිසා ශිව බව දක්වා ඇත.ආදිශංකර පහළ වූ කාලයේ තිබුනේ ථේරවාද දහම නොව මහායාන වේ.මහායාන බෞද්ධ ග්‍රන්ථයක් වන සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය අනුව ශිව බෞද්ධ උපාසකයකු වේ.එමෙන්ම ශංකර පහල වූ ක්‍රි.ව.788 ට පෙර ගුප්ත යුගයේ මෙන්ම මෞර්‍ය යුගයේ ශිව වන්දනාව තිබී ඇත.බින්දුසාර රජු මහාශිව රාත්‍රී දිනක මරාදැමීමට සැලසුම් කර තිබූ බවත් උපාය දැනගැනීමෙන් එය ව්‍යර්ථ වූ බව ඉතිහාසය තුල දැක්වේ.එමෙන්ම අසුරයන් වසන්නේ මහාමේරුව පත්ල යට ඇති පාතාලයේ බව සූවීර සූත්‍ර වර්ණනාවේ පමණක් නොව හින්දු පුරාණ වල සදහන් වේ.ශිව වසන්නෙ කෛලාසයේ වේ.එසේනම් ශිව අසුරයකු යැයි කියන්නෙ කේසේද?එමෙන්ම බෞද්ධ ධර්මය යටපත් කිරීමට ආදිශංකර අවතාරය ශිව එවූ බව තිබෙන ශංකර දිග්විජය පොත රචිත මාධවාචාර්‍ය යනු මහායාන පමණක් නොව ශෛව දහමටද විරුද්ධ නිසා මේ අදහස පිලිගත නොහැක.ලංකාවේ සිංහල දේව කන්නලව්වක ශිව දෙවියන් බෞද්ධ ශාසනයේ ආරක්ෂාවට සුබ්‍රමණී දෙවියන් සහ සුදුමල් බණ්ඩාර දෙවියන් සිංහලයන්ගේ ආරක්ෂා කිරීමට යැවූ බව ඇත.ශිව අසුරයකු නම් ත්‍රිපුරාසුර,අන්ධකන් ,ජලන්ධර් අසුරයන් පරදන්නේ කිමද?


3.සිද්ධි සාධනා යන දේවල් සහ කාලි තාරා දුර්ගා වන්දනාව  හින්දූන් විසින් මහායාන වලින් අත්කරගත් දේ බව පැවසීම


මෙයද වැරදිය.බුදුන්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද තිරශ්චීන විද්‍යාවන් අතර මන්ත්‍ර ශාස්ත්‍රය ඇතුලත් වේ.සිද්ධි සාධනා බ්‍රාහ්මණ  මන්ත්‍ර ශාස්ත්‍රයට ඇතුලත් වේ.මේවා හින්දු අය කොපිකරගත් ඒවා නොව මහායාන ශාසනයට බ්‍රාහ්මණයන් විශාල ලෙස සසුන්ගත වීම නිසා බ්‍රාහ්මණ ඇදහිලි මහායාන වලට එක්විය.හින්දු පුරාණ වල දුර්ගා කාලි තාරා දෙවඟනන් ගැන ඇත.නමුත් පුරාණ රචිත ගුප්ත යුගයට පෙර මෞර්‍ය යුගයේ විසූ චානක්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ කාලි සහ මහීෂාසුර මර්දිනි හෙවත් දුර්ගා වන්දනාව ගැන ඇත.මහායාන අය විසින් වදින හරිත තාරාට කිසිවිටෙක හින්දූන් වදින්නෙ නැත.


4.හින්දු අය විසින් බෞද්ධ උපාසක බ්‍රහ්මයන්ටත් ශක්‍රයාට සහ බෞද්ධ සෙන්පති දෙවියන් හට විරුද්ධ වූ බව පැවසීම සහ කාලි ගණපති ශිව අසුර බලවේග වලට මුල්තැන දුන්  බව කීම.


උන්වහන්සේ මෙයට උදාහරණයක් ලෙස දක්වා ඇත්තේ අහල්‍යා නම් ගෞතම ඍෂිගේ භාර්‍යාව සමග ගෞතම ඍෂි වෙස්ගෙන ඇයව රවටා කාමසේවනයේ යෙදීම නිසා කෝපයට පත් ඍෂි ඉන්ද්‍රට ස්ත්‍රී නිමිති දහසක් එන ලෙස ශාපය ඇස්  දහසකට හැරේවා ලෙස කළ ලිහිල් වීමක් ගැන රාමායණය අර්ථ ශාස්ත්‍රය මහාභාරතය යනාදී  තිබුන පමණින් ශක්‍රයාට විරුද්ධව ලිවූ බවම කිව නොහැක.මක් නිසාද හින්දු ආනන්ද රාමායණය තුල ශිවද මධු නම් අප්සාරවියක සමග අනියම්කාම සේවනයේ යෙදී පාර්වති හට  එයව අසුවී මධු අප්සාරවියට මැඩියෙකු වන බව ශාප කළ බව ඇත.පසුව ඇය ශාපයෙන් මිදී මන්දෝදරී වී රාවණාගේ බිරිඳ වූ බව ඇත.


කාලි ගණේෂ ශිව පශ්චාත් වෛදික දෙවියන් වේ.මුල්කාලයේ ඉන්ද්‍ර සූර්‍ය අග්නිට තිබූ  තත්වය පසුකාලීනව බ්‍රහ්ම විෂ්ණු ශිවට හිමිවූ බව ඉතිහාසය තුල ඇත.නමුත් මෙයට හේතුව කුමක්දැයි අම්බේද්කාර්ද හින්දු ආගමේ ප්‍රහේලිකා පොතෙහි විමසා  ඇති මුත් එතනදී බෞද්ධ විරොධයක් ගැන දක්වා නැත.


අසුර කාන්තාවක් ලෙස කාලි දේවීය දැක්වීමද වැරදි වේ.දේවී භාගවතම් පුරාණය අනුව මහාමේරුවේදී ශුම්භ නිසුම්භ අසුරයන්ගේ සේනාව පැරදවීමට පාර්වති කාලි ස්වරුපය ගත් බව ඇත.අසුරයන් කිමද අසුරයන්ට එරෙහිව සටන්  කරන්නෙ??මෙමගින් එම ප්‍රකාශයේ වැරදි බව පෙනී යයි.


මහාසමය සූත්‍රයේ සදහන් සෙන්පති දෙවියන් අතර එන වරුණ සෝම කුවේර නම් ඇතැම් දෙවියන් ගැන හින්දු පුරාණ වල ඇති මුත් ඔවුන්ට අපහාස වන කිසිම තැනක් හින්දු පුරාණ වල නැත.


කුවේර දෙවියන් හට හින්දු අය වදින අවස්ථා ඇත.විශේෂයෙන් ඔවුන්  වදින්නෙ ධනයට අධිපති ලෙසයි.මහාසමය සහ ආටානාටිය සූත්‍රවල යක්ෂන්ට අධිපති කුවේර දෙවියන් වෛශ්‍රවණ නමින් හදුන්වයි.


හින්දු ආගමේ උතුරු දිශාවට අධිපති ආලකමන්දාවේ වාසය කරන කුවේර දෙවියන් කුබේර වෛශ්‍රවණ ලෙසින් හදුන්වයි.ඔහුගේ ගයාත්‍රී මන්ත්‍රයේ ඕම් යට්චරාජය විද්ම්හේ වෛශ්‍රවණාය ධීමහි තන්නෝ කුබේරප් ප්‍රචෝදයාත් ලෙස ඇත.


එමෙන්ම ඉන්ද්‍ර සහ මහා බ්‍රහ්මයා කුවේර හින්දු අය වදින අවස්ථා දැකගත හැකි අතර ඔවුන්ට සහ වරුණ සෝම දෙවියන් හට නමස්කාර කරන මන්ත්‍රද අන්තර්ජාලය මගින් සොයාගත හැක.


5.බක්තියාර් ඛල්ජිගේ නාලන්දා විශ්වවිද්‍යාලය ගිනිතැබීමට බ්‍රාහ්මණ අය හවුල් බව පැවසීම

  

බ්‍රාහ්මණයන් වරෙක  යාගයක ගිනි  අගුරු දමා නාලන්දාවේ පුස්තකාලය ගිනි තැබූ නමුත් මෙයට බ්‍රාහ්මණ සම්බන්ධයක් නැත.මේ ගැන පැහැදිලි විස්තරයක් ශකිල රාජකරුණාගේ ලිපියක  ඇත.


ඒ  සදහා පහත ලින්ක්  එකට ගොස් බලන්න


https://m.facebook.com/story.php?story_fbid=2234781876724134&id=100005770305378&sfnsn=mo&mibextid=RUbZ1f


6.රාමනුජ විශිෂ්ට අද්වෛතය රචනා කර ශිව භක්තියේ දුෂ්ට බව මුවහත් කළ බව පැවසීම


රාමනුජ යනු ක්‍රි.ව.10 වන සියවසේ ඇරඹුනු විෂ්ණු දෙවියන් හට පරමාත්මන් සංකල්පය ආරූඩ කර වෛෂ්ණව දර්ශනයේ ආදි කතෲ මිස ශෛවාගමිකයකු නොවේ.රාමනුජ විසින් මහායාන විහාර වල යකඩ කණු පෙරලීමෙන් හින්දු අන්තවාදින් මහත් විනාශයකට යොමු වූ නමුත් එම දර්ශනයේ එසේ කළ යුතු බවක් නොමැත.


7.බෞද්ධ කරුණු උපයෝගී කරගෙන බුදුදහමට එරෙහිව  මහාභාරතය ලිවීම බව සාවද්‍ය ප්‍රකාශ කිරීම සහ භගවත් ගීතාවේ ශ්ලෝක අර්ථයක් විකෘති කිරීම

සිල්  සමාදන් වූ අය වැළකිය යුතු නච්චගීත විසූකදසසන සිල්පදය අටුවාවේ විස්තර  කිරීමේදී  රාමායණය සහ මහාභාරතය දක්වා ඇත.බෞද්ධ කරුණු වලින්  මහාභාරතය රචිත නම් අටුවාවේ මෙසේ සදහන් වේද?


රාමායණය සහ මහාභාරතය රචනා කරේ ගුප්ත යුගයේදීය.ඒවායේ සිද්ධීන් සත්‍යදැයි ඔප්පුකිරීමට පුරාවිද්‍යාත්මක සාධක නොමැති බව සත්‍ය.නමුත් ඒවා බෞද්ධ විරෝධය පිණිස ලිවූ බව ඉතිහාසය තුල කිසිම තැනක සදහන් නොවේ.


"පරිත්‍රාණය සාධුනං විනාශං දුෂ්කෘතම්ච සම්භවාමි යුගේ යුගේ ධර්ම සංස්ථර්පානාය"


යහපත් ජනයා ආරක්ෂා කර අධර්මය විනාශ කර ධර්මය සංස්ථාපනයට යුගයක් යුගයක් පාසා නැවත නැවත එමි යැයි අර්ථය ඇති මෙම ශ්ලෝක අර්ථය විකෘත කර ඇත්තෙ බ්‍රාහ්මණයන් ආරක්ෂා කර වේදය නැසූවන් වනසා වේදය සංස්ථර්පනයට යුගයක් පාසා එමියි ලෙසය.


මෙම ශ්ලෝකය අධ්‍යනයේදී විෂ්ණු දසාවතාර සංකල්පය මත පදනම්ව ඇති බව මනාව පෙනීයයි.විෂ්ණුගේ අවතාරයක් ලෙස සැලකෙන රාමද පිය පාර්ශ්වයෙන් බ්‍රාහ්මණ වූ රාවණා නැසූ බව රාමායණය තුල ඇත.එමහින් මෙම ශ්ලෝකය බ්‍රාහ්මණ අයට නොවන බව පැහැදිලි වේ.


7.කුණාල ජාතකය ඇසුරෙන් මහාභාරතය සහ දශරථ ජාතකය ඇසුරෙන් රාමායණය ලිවූ බවත් රාමායණය ශංකරාචාර්‍යගේ බෞද්ධ සංහාරයෙන් පසු වාල්මිකී නම් කේරළයේ බ්‍රාහ්මණයන් පිරිසක් ලිවූ බව අසත්‍ය කීම


රාමායණය සහ මහාභාරතය ගැන අටුවාවේ ඇත.හෙල අටුවාව ලැබුනේ මහින්දාගමනයෙන් වේ.මිහිදු හිමියන් ගිහිකල මෞර්‍ය රාජ්‍ය පාලකයකු වූ අශෝකගේ පුත්‍රයාය.බුද්ධඝෝෂ හිමි එම අටුවාවන් පාලියට හැරවුයේය.මෞර්‍ය යුගය පසුකාලීනව ගුප්ත යුගය බවට පත්වේ.


එමෙන්ම අශෝකගේ පියා වන බින්දුසාර රජුව ඔහුගේ පියා වන චන්ද්‍රගුප්ත මෞර්‍යගේ බිසවක් වූ සෙලනිකස්ගේ දියණිය වූ  කූට අදහස් ඇති බිසවක වරෙක සිරකර තැබීමේදී අශෝක සුසීම සහ තවත් පිරිසක් රාමායණයේ චරිත ලෙස සැරසී වෙස්වලාගෙන බින්දුසාර රජු බේරාගැනීමට ගිය බව ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර වල ඇත.(අතීතයේ රාමායණයේ චරිත ලෙස සැරසී විදී සංචාරය කිරීමේ අවස්ථා ඇතැම් අවස්ථා වල  තිබී ඇත).


ශංකරාචාර්‍ය පහල වුනෙ ක්‍රි.ව.788 දීය.ගුප්ත යුගය ඊටවඩා පැරණිය.වාල්මිකී කේරළ බ්‍රාහ්මණ පිරිසක් නොව චිත්වාන්හි බ්‍රාහ්මණයෙකු වේ.රාමායණය ලිවූ වාල්මිකී එය රචනා කරන ලද්දේ කුරුලු ජෝඩුවක් අහසෙ සැරිසරන විට දඩයක්කරුවෙකු විසින් පිරිමි පක්ෂියා ඊතලයෙන් විද මරා දැමීමේදී කිරිල්ලිය විසින් තම පිරිමි පක්ෂියාගෙ විරහ වේදනාවෙන් සිටීම දැක ඇතිවූ ශෝකය නිසා බව ඇත.වාල්මිකී යනු රත්නාකාර නම් සොරකු පසුව තම අධාර්මික ක්‍රියා නතර කර තපස් රැකීමේදී ඔහු වටා තුඹසක් බැදී තිබුන නිසා තපස ඉවර වී නැගිටින විය තුඹසෙන් නැගි නිසා තුඹස අර්ථයෙන් වාල්මිකී යන නම ලැබූ කෙනෙක් වේ.


8.විෂ්ණු බුද්ධාවතරය සංකල්පය පටලැවිල්ල


විෂ්ණු පුරාණයේ එක් සංස්කරණයක විෂ්ණු බුද්ධාවතරයේ පියා අංජන ලෙසින් සදහන් වේ.සුද්ධෝධන රජු කිසිවිටෙක අංජන ලෙසින් හදුන්වා නැත.ඒ නිසා ඇතැමුන් හට විෂ්ණු බුද්ධාවතරය යනු ගෞතම බුදුන්වහන්සේද ගැටලුවක් ඇත.නමුත් ඇතැම් පුරාණ වල සුද්ධෝධන සහ මහාමායා මව බව දක්වා ඇත.ඇතැම් පුරාණ වල මෙම අදහස ඇති නිසා බෞද්ධයන් හට නිගරුවක් වුවද ජයදේවගේ ගීත ගෝවින්දයේ විෂ්ණු බුද්ධාවතරය ගත්තෙ සත්ව කරුණාව උදෙසා බිලි පූජා නැවැත්වීමට බව ඇත.විෂ්ණු බුද්ධාවතරයේ නරක සහ හොදද ඇත.මෙමගින් බෞද්ධ පන්සල් හින්දු දේවාල වූ අතර බෞද්ධයන් වෛෂ්ණවාගමිකයන් විය.යහපත් දේ ගතහොත් ඇතැම් හින්දූන් බුදුන්වහන්සේ හට ගරුකරන්න්ට පමණක් නොව නමස්කාර කිරීමටද ගත්හ.කිරිබත්ගොඩ ඤාණාණන්ද හිමි මුලු ඉන්දියාවේ බුදුන්වහන්සේ අසුර නායකයකු ලෙස සිතන බව පැවසීමේ අදහසද වැරදි වේ.මක් නිසාද යත් රාමක්‍රිෂ්ණ පරමහංස අමෘතානන්දමයි ස්වාමි විවේකානන්ද වැනි හින්දූන්ද බුදුන්වහන්සේ හට ඉමහත් ගෞරවයක් දක්වයි.සුරූපි දමිළ නිලි හංසිකා මොට්වානිද බෞද්ධ නිලියකි.


9.පුරාණ විවේචනය කිරීම


විෂ්ණු පුරාණය අග්නි පුරාණය වැනි ග්‍රන්ථ වල විෂ්ණු බුද්ධාවතරය ගැන සදහන් වුවද සෑම පුරාණයක විෂ්ණු බුද්ධාවතරය ගැන නොමැත.මාර්කණ්ඩේය පුරාණය ශිව පුරාණය ලිංග පුරාණය නිදසුන් කිහිපයක් වේ.භාගවත පුරාණය ස්කන්ධ පුරාණය සමහර සංස්කරණ වල විෂ්ණු බුද්ධාවතරය සංකල්ප ඇති අතර සමහර සංස්කරණ වල නොමැත.මෙයින් පෙනීයන්නෙ පුරාණ වලට විෂ්ණු බුද්ධාවතරය පසුකාලීනව පැමිණි දෙයක් බවය.


මෙම හිමියන් පුරාණ නම් බ්‍රාහ්මණයන් ගොතන මිත්‍යා ග්‍රන්ථයන්හි ඇති බෞද්ධ විරෝධි ප්‍රලාප ඔහුගේ බෞද්ධ වෛරයට හේතු වූ බව දක්වා ඇත.එයද වැරදිය.මක් නිසාද යත් විෂ්ණු බුද්ධාවතරය සංකල්පය ආරම්භ කළ එක් අයෙක් ආදිශංකර වේ.පුරාණ ලිව්වෙ පසුකාලීනව නමුත් ඒවා රචනා කරේ යම් පමණකට මනස උසස්කරගත් ඍෂිවරු විසින්.ඍෂිවරු ගැන සමහර ත්‍රිපිටක සූත්‍රවලද ඇත.නමුත් පුරාණ වලට පසුකාලීනව එකතු වූ දේවල්ද ඇත.හොදම නිදසුන නම් බොහෝ පුරාණ රචනා කරේ ව්‍යාස ඍෂි වේ.නමුත් ව්‍යාස ඍෂි රචිත ශිව පුරාණයට ඔහු විසින් රචිත අනෙක් භාගවත පුරාණයට පටහැනි කරුණු ඇත.අග්ගඤ්ඤ  සූත්‍ර වර්ණනාවේ සහ මිලින්ද සූර්‍යෝපක්ලේශ ප්‍රශ්නයේ අන්තර්ගත ඇතැම් කරුණු වඩා සවිස්තරාත්මක හින්දු පුරාණ වල ඇත.හොදම නිදසුන ජම්බුද්වීපය විස්තරය වඩා විස්තරාත්මකව මාර්කණ්ඩේය පුරාණය දේවී භාගවතම් වැනි පුරාණ වල තිබීමයි.එමෙන්ම රාහු බලි අසුරයන් ගැන ගැන සහ ශක්‍රයාට සහෝදර වූ අසුරයන් ගැනද කාලකඤ්ජ අසුරයන් ගැනද මහාසමය සූත්‍රය තුල සදහන්ව ඇති අතර හින්දු පුරාණ වල ඊටවඩා සවිස්තරාත්මකව ඇත.


උදා:-රාහුගේ මව සිම්හිකා පියා විප්‍රාචිත්ති 

ගරුඩ පුරාණයේ ධන්වන්තරි සම්හිතාවේ ආයුර්වේද බෙහෙත් ඇත.


හින්දු පුරාණ සම්පූර්ණයෙන් මිත්‍යාවක් නම් ආයුර්වේදත් මිත්‍යාවක් එහෙනම් 😂😂😂


එමෙන්ම මිලින්ද නාගසේන ප්‍රශ්නයේ සදහන් කපිල ධන්වන්තරි අංගීරස පූර්ව කාත්‍යායන ඍෂිවරුන් ගැන හින්දු පුරාණ ඇතුලු මූලාශ්‍ර වල තියෙනවා.


10.පූරි ජගන්නාථ තිරුපති බාලාජි කේරළයේ සබරිමලෙයි බද්‍රිනාත් බෞද්ධ පන්සල්ව තිබූ ස්ථාන බව පැවසීම


ඉහත ප්‍රකාශය මා මීට පෙර අන්තර්ජාලයේ ඕනතරම් දැක ඇත.නමුත් මීට කිසිම පුරාවිද්‍යාත්මක සාධක නැති අතර හුදෙක් මත පමණි.බද්‍රිනාත් කෝවිල යනු මීට පෙර හින්දු වතාවත් සිදුව පසුව එම ස්ථානයේ මහායානයන් විසින් පන්සලක් ඉදිකිරීම නිසා ශංකරාචාර්‍ය මහායනිකයන් එළවා දමා එම ස්ථානය යථා තත්වයට ගත් ස්ථානයකි.අම්බේද්කාර් යනු අන්තවාදි කෙනෙක් වේ.ඉදිරියේ ඒ ගැන ප්‍රකාශ කරමි.ඔහු විසින් සබරිමලෙයි බෞද්ධ පන්සලක් බව පැවසීමට ඉදිරිපත් කරන්නෙ පුරාවිද්‍යාත්මක සාධක නොව මෝඩ තර්කය.සබරිමලෙයිහි පඩි 18 ක් ඇත.බුදුන්වහන්සේගේ ධර්මය තුල අංග 18 ක මාර්ගයක් ඇත.අයියප්පා සාස්ත ලෙසින් හැදින්වේ.බුදුන්වහන්සේ සත්ථා දේව මනුස්සානං වේ වැනි මරි මෝඩ තර්කය.


මෙම මත වැරදි බවට ඉසුරු උපනන්ද සහ පුරාවිද්‍යා ගවේෂක අභිෂේක් යසස්ථි සම්බන්ධ කරගත හැක.ඔවුන්ගේ පේස්බුක් ලින්ක් පහත දමමි.


https://www.facebook.com/isuru.upanada?mibextid=ZbWKwL


https://www.facebook.com/profile.php?id=100007267548460&mibextid=ZbWKwL


නමුත් ඉන්දියාවේ බෞද්ධ පන්සල් විනාශ කර හදපු කෝවිල් ඕනතරම් ඇත.

Comments

Popular posts from this blog

සිරි කාලකණ්ණි ජාතකය තුල සිටින කාලි සහ හින්දු ආගමේ කාලි යනු එක් අයෙක්ද?

දෙවියන් වැදීම මිත්‍යාදෘෂ්ටියක්ද?